Apple iPhone X vs iPhone 8 vs iPhone 8 Plus

fil7sw4n

ඔයාලා දැනටමත් දන්නවා ඇති අලුත්ම iPhone 3ක් මේ වන විට හඳුන්වා දී ඇති බව. September 12 ඇපල් සමාගම විසින් එයාලගේ අලුත්ම iPhone 3න හඳුන්වා දුන්නා. ඒ වගේම Apple Watch Series 3, නවතම Apple 4k TV with HDR Streaming ද හඳුන්වා දුන්නා. මෙහි ප්‍රධානම සිත්ගන්නා සුළු දේ වුනේ අලුත්ම Apple iPhone මොඩල් 3යි. මෙහිදී,
Apple iPhone X
Apple iPhone 8
Apple iPhone 8 Plus ලෙස ස්මර්ට්ෆෝන් 3ක් එළිදැක්වුණා.

ඉතින් අපි බලමු මේ අලුත්ම Apple iPhone තුනේ වැඩකිඩ කොහොමද කියලා.

Apple iPhone 8 & 8 Plus

Apple iPhone 8 එක මෙවර නිමාව වී තිබෙන්නේ වීදුරු වලින්. නමුත් මෙය එසේ මෙසේ වීදුරු නම් නෙමෙයි. ස්මර්ට්ෆෝන් එකක මෙතුවක් තිබු ඉතාමත් කල්පවත්නා, ශක්තිමත් වීදුරු නිමාවක් ගන්න Apple iPhone 8 සහ 8 Plus සමත් වී තිබෙනවා. ඉදිරි පස මෙන්ම පසුපසද මෙම වීදුරු නිමාව දක්නට ලැබෙනවා. Space Gray, Silver සහ Gold ලෙස වර්ණ තුනකින් මෙය අපිට ලබාගන්න පුළුවන්. එමෙන්ම මෙය වතුර සහ දුහුවිලි වලට ඔරොත්තු දෙන අයුරින්ද නිමාකොට තිබෙනවා. මිට පෙර නිකුත් කල Apple iPhone 7 සහ 7 Plus වලත් මෙම ඔරොත්තු දීමේ හැකියාව පැවතියත් එය වඩාත් වැඩි දියුණු කර තිබෙනවා. එමෙන්ම පළමු වරට Apple iPhone රැහැන් රහිතව ආරෝපණය කිරීමේ හැකියාව ඉදිරිපත් කර තිබෙනවා. TrueTone තාක්ෂනය මෙවර නවතම iPhone වෙත ගෙනවිත් ඇත. එනම් අදාළ පරිසරයට අනුව, පරිසරයේ පවතින උෂ්ණත්වයට අනුව මෙම තිරයෙහි ඇති වර්ණ මනාව සැකසේ. අපගේ ඇහැට ඉතාමත් පැහැදිලි දසුන් ඉදිරිපත් කිරීමට Retina HD Display එක මනාව කටයුතු කරයි. නවතාම Dual Domain Pixel තාක්ෂනය මගින් අපට මොන කෝණයක සිට බැලුවත් මනාව තිරය දිස්වනවා. කැමරාව අතින් නම් iPhone 8 සහ 8 Plus සමර්ට්ෆෝන් පට්ටයි. iPhone 7 Plus හි පැමිණි Portrait Mode එක වැඩි දියුණු කර ඇත. Portrait Lighting ලෙස නවතම අංගයක් iPhone 8 Plus වෙත එකතු වී ඇත.

මෙවර 4K 60fps මගින් පටිගත කිරීමේ හැකියාවද, 240fps Slow-Motion 1080p ලෙස පටිගත කිරීමේ හැකියාවද ලබා දී තිබෙනවා. මෙවර iPhone ත්‍රිත්වය සඳහා ඇතුලත්ව ඇත්තේ A11 Bionic නම් ප්‍රොසෙසරය වේ. එය Cores 6 කින් සමන්විත වන අතර මෙහිදී Cores 2ක් ක්‍රියාකාරී ලෙසද Cores 4ක් කාර්යක්ෂම ලෙසද ක්‍රියා කරයි. ඇපල් iPhone එකක ඇති වේගවත්ම chip එක ලෙස මෙම A11 Bionic නම් ප්‍රොසෙසරය හැදින්විය හැකිය. GPU එක ලෙස මෙවර Apple මගින්ම නවතම Cores තුනක Graphic Unit එකක් නිර්මාණය කර තිබෙනවා. මෙය 64GB සහ 256GB ලෙස මාදිලි දෙකකින් නිකුත් වීමට නියමිතයි.

Apple iPhone X

apple-iphone-x-5

මෙවර හඳුන්වා වුන් Apple iPhone අතරින් වඩාත් සිත්ගන්න සුළුම අයිෆෝනය ලෙස Apple iPhone X නම් කල හැකියි.
මෙහි තිරය අඟල් 5.8ක් වන අතර edge to edge OLED Screen එකකින් සමන්විත වෙනවා. මෙම OLED තිරය iPhone 8 සහ 8 Plus මත ඇති දර්ශකවලට වඩා හොඳින් වෙනස් වන අතර එය HDR වීඩියෝ සඳහාද සහාය වේ. ඔවුන් මෙම Display එක හඳුන්වන්නේ Super Retina Display ලෙසයි. මෙහිදී නවතම FaceID හඳුන්වා දී තිබෙනවා. එනම් මෙපමණක් කල් පැවති TouchID වෙනුවට මුහුණ මගින් Unlock කළහැකි තාක්ෂණයක් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා ඔවුන් ඉදිරිපස Flood Illuminator, Infrared Camera සහ Dot Projector එකක් ඇතුලත් කර තිබෙනවා. මෙමගින් අදුරේදී පවා පහසුවෙන්ම මුහණ මගින් තම ස්මාර්ට්ෆෝනය Unlock කරගැනීමේ හැකියාව පවතී. චැට් කරනකොට අපි භාවිත කරන Emoji ගැන එහෙම ඔයාල දන්නවා ඇතිනේ. මේ Emoji මෙවර Animoji ලෙස ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. එනම් අපගේ මුහුණේ භාව ඉරියවු එලෙසින්ම එම Emoji හරහා පටිගත කර යැවිය හැකියි. මෙයත් 64GB සහ 256GB ලෙස මාදිලි දෙකකින් නිකුත් වීමට නියමිතයි.

iPhone X හි CPU Benchmark,
Single Core 4061
Multi Core 9959

Apple iPhone X , Apple iPhone 8, Apple iPhone 8 Plus හි Camera Samples කිහිපයක්..

 

Leave a comment